චීනයේ නැගෙනහිර වෙරළාසන්න ෂෙජියෑං ප්‍රාන්තය වෙත යොමු වී ඇති ලෙකිමා සුපිරි සුළි සුළඟ හමුවේ එරට කාලගුණ කාර්යාංශය රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
2014 වසරෙන් පසු චීනයට හමන ප්‍රබලතම චණ්ඩ මාරුතය වන එය හෙට අලූයම් කාලයේ ගොඩබිම් ප්‍රදේශයට ඇතුළු විය හැකි බව චීනයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කළා.
ඒ හේතුවෙන් යැංසි ගංඟා ධාරයට දැඩි සුළං සහ වැසි ඇති වන බවද සදහන්.
චීනයේ ප්‍රධානතම වාණිජ මධ්‍යස්ථානයක් වූ ෂැංහයි නගරය ද එහි පිහිටා තිබෙනවා.
ලෙකිමා සුළි සුළඟ හේතුවෙන් තායිවානය දැනටමත් ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර, වෙළඳසැල් සහ පාසල් ද වසා දැමීමට නියෝග කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.