News Line| Off Air
Generic placeholder image

Aug
10

මාසික ඉන්ධන මිළ සංශෝධනය ලබන අගහරුවාදා දක්වා කල්යයි

736 Views


මාසික ඉන්ධන මිළ සංශෝධනය ලබන අගහරුවාදා දක්වා කල්යයි

ඉන්ධන මිල සුත‍්‍රයට අනුව මාසික ඉන්ධන මිළ සංශෝධනය ලබන අගහරුවාදා දක්වා කල් දමා තිබෙනවා.

අද සෙනසුරාදා දිනක් වීම සහ සඳුදා නිවාඩු දිනයක් වීම හේතුවෙන් මිල සුත‍්‍රය සංශෝධනය කිරීම අගහරුවාදා දිනය තෙක් කල් දැමු බවයි මුදල් අමාත්‍යංශය සදහන් කළේ.

සෑම මසකම 10 වනදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට මුදල් අමාතයංශය තීරණය කර තිබෙනවා. පසුගිය මස 10 වනදා සිදු වු ඉන්ධන මිල සංශෝධනයේදී ඉන්ධන මිල ගණන් පහත දැමුවා.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩු කෙරුණු අතර පෙට‍්‍රල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 136 කටයි.

ඔක්ටේන් 95 වර්ගයේ ප්‍රෙටල් ලීටරයක මිල රුපියල් 5 කින් පසුගිය මාසයේදී පහත දැමුවා.

ඔක්ටේන් 95 වර්ගයේ ප්‍රෙටල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 159 කටයි.

සුපර් ඩිසල් ලීටරයක මිල ද රුපියල් 5 කින් පහළ දැමුණු අතර එහි වත්මන් මිල රුපියල් 131 ක්

අවසන් වරට සිදු කල මිල සංශෝධනයේදී රුපියල් 104 ක් ව පැවති ඔටෝ ඞීසල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදුවුයේ නැහැ.

ඊට සමාගාමීව ඉන්දියානු තෙල් සංස්ථාවද සිය ඉන්ධන මිල ගණන් පහත දැමුවා.


News Articles
Latest Videos
Most Popular Post