ඔබට කවදා හෝ තරු පන්තියේ හෝටලයක කෑමකට ගොස් ඇති. එවැනි තැනකදී අනුගමනය කරන සිරිත් පිලිබඳ හරි අවබෝධයක් නැති වෙන්න පුළුවන්.මේ ඒ පිලිබද අදහස් කිහිපයක්.
අත්පිස්නාව (napkin ) භාවිතය
ඔබ ආහාර ගැනීමට පෙර මේසය මත තිබෙන අත් පිස්නාව (නප්කින් )ඔබේ උකුල මත එලා ගැනීම සාමාන්‍යයෙන් කළයුතු දෙයක්. නැතිනම් ඔබට යම් කිසිවක් පිළිගන්වන අවස්ථවේ ඒ සඳහා මේසය මත ඉඩ මදි වෙන්න පුළුවන්. ඒවගේම ඔබ නූඩ්ල්ස් හෝ සුප් වැනි දියරමය වැගිරෙන සුළු දෙයක් ආහාරයට ගන්නවානම් අත් පිස්නය (නප්කින් ) ඔබේ බෙල්ලේ රඳවාගැනීම වඩා හොඳයි.
මෙයින් ආහාර ඔබේ ඇඳුම් මත වැටීම වැළකෙනවා. ඒවගේම ආහාර ගන්න අතරමග ඔබ මේසයෙන් නැගිට යනවනම් අත්පිස්නාව මේසය මත ඔබේ ගෑරුප්පුවට වම් පැත්තෙන් තබා යාම උචිතයි.
උපකරණ භාවිතය
සාමාන්‍යයෙන් අපි නොදන්නම දෙයක් තමයි හරි විදියට ආහාර ගැනීම සඳහා අවශ්‍ය කරන උපකරණ කොහොමද හරි විදියට පාවිච්චි කරන්නේ කියල. සාමාන්‍යයෙන් හැදි හා පිහි තබන්නේ දකුනු පසින්. ගෑරුප්පු වම් පසින් තබනවා. මුලින්ම භාවිතා කල යුත්තේ පිටතින්ම ඇති හැන්ද හා ගෑරුප්පුවයි.
ගෑරුප්පුව භාවිතා කිරීමට කැමති අතක් භාවිතාකල හැකියි. නමුත් ගෑරුප්පුව හා හැන්ද එකම විට භාවිතා කරන විට ගෑරුප්පුව වම් අතෙහි තිබිය යුතුයි. කෑම ගෙන ඉවර වූ පසු ගෑරුප්පුව හා පිහිය පිගාන මත තැබිය යුතුයි. මේසය මත තියන හැඳි වලින් ලොකුම හැන්ද සුප් බිම සඳහා තමයි භාවිත කරන්නේ. ඒවගේම තිරස් ලෙස තබා තිබෙන උපකරණ යොදාගන්නේ අතුරුපස රස විඳීම සඳහා පමණයි.
පාන් හෝ බනිස් බටර් සමග ආහාරයට ගන්නා විට මුලින්ම බටර් ගෙන කුඩා පිගානකට දමා ගන්න. ඉන්පසු බටර් පාන් පෙත්තට ගා ගැනීමට බටර් ගෑමට ගන්නා පිහිය යොදාගන්න. දකුනු අතින් පිහිය ගෙන තම පිගාන මත ඇති බටර් වලින් ටිකක් ගෙන එය පාන් පෙත්ත මත ගාගන්න.
බටර් ගාගැනීම අවසන් වූ පසු පිහිය පාන් ආහාරයට ගන්නා පිගාන මත දකුනු පසට වන්න තබන්න. පාන්, බනිස් අතින් කඩා ගෙන කෑම ප්‍රශ්නයක් නොවේ.
ඔබ ආහාර ගන්න අතරතුර මදකට නවත්වනවානම් භාවිත කරන හැන්ද සහ ගෑරුප්පුව පිගන මතම තිබීමට සැලැස්විය යුතුයි.
ඒවගේම ඔබ භාවිත කල පිහියේ මුවහත පිගාන මැදට සිටින සේ තැබීම සුදුසුයි. යම්කිසි පුද්ගලයෙක් ඔබේ උපකරණ වැරදීමකින් භාවිත කරන බව දැක්කොත් ඔබට පුළුවන් සේවකයෙකු අමතා ඔබ සඳහා නැවත එකක් ලබාගන්න.
උපුටා ගැනීම – මුහුණු පොත