රාජ්‍ය බලය ලබා දෙන්නේ නම් මාස 6ක කාලයක් තුළ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන බව නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජෝසප්වාස් ප්‍රදේශයේ ඉදිකළ ජෝසප්වාස්නගර් සහා ජෝසප් පුරම් උදා ගම්මාන දෙක ජනතා අයිතියට පත් කිරීම නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අතින් සිදු වූ අතර එම අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
තමන්ට රාජ්‍ය බලය ලබා දෙන්නේ නම් මාස 6ක කාලයක් තුළ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වා ජාත්‍යන්තර ආධාර මෙරටට ගෙන්වාගෙන උතුරු නැගෙනහිර පළාතේ යුද්ධයෙන් විනාශ වු ගම් නියංගම් සිසාරා ජනතාවගේ කකුල් දෙක අසළට සංවර්ධනය ගෙන එන බව ඒ මහතා සදහන් කළා.
ප්‍රදේශයේ කුඩා දරුවන් සමඟ අමාත්‍යවරයා මෙහිදි පාපන්දු ක්‍රිඩාවේ ද නිරත වී තිබෙනවා.