යේමනයේ අනතර්ජාතික වශයෙන් වැදගත් ඒඞ්න් වරාය නගරයේ පිහිටි එරට ජනාධිපති මන්දිරය සහ රජයේ හමුදාවන්ට අයත් කඳවුරු සියල්ල කැරලිකරුවන් සිය ග‍්‍රහණයට ගෙන තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.
ඒ අනුව නගරය තුළ හමුදාව සහ කැරලිකරුවන් අතර දරුණු ගැටුම් ද පවතින බවත් එම ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් 100 කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි මානව හිමිකම් සංවිධාන චෝදනා කරනවා.