News Line| Off Air
Generic placeholder image

Aug
11

නෝර්වේ ඉස්ලාම් දේවස්ථානයකට වෙඩි තැබීමක්

2447 Views


නෝර්වේ ඉස්ලාම් දේවස්ථානයකට වෙඩි තැබීමක්

නොර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවරට ආසන්නයේ පිහිටි ඉස්ලාම් දේවස්ථානයක වෙඩි තැබීමක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ හේතුවෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවත් ආයුධ සන්නද්ධව පැමිණි සුදු ජාතික තරුණයෙකු දේවස්ථානයේ ඇති වීදුරු දොරකට හානි සිදු කර පසුව වෙඩි තැබීම සිදු කළ බවට එරටින් වාර්තා වෙනවා. මෙම වැඩි තැබීම සිදු කල සැකකරු ආරක්ෂිත ඇඳුමක් සහ හිස්වැස්මක් ද පැළඳ සිටි බවට වාර්තා වන අතර ඔහු 20 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු වන අතර පොලීසිය විසින් පසුව ඔහු අත්අඩංගුවට ගැණුනා.

ඒ අනුව ඔස්ලෝ අගනුවර ආශි‍්‍රතව පිහිටි සියලූ ඉස්ලාම් දේවස්ථානවල ආරක්ෂාව තර කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post