News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
11

පොහොට්ටුවේ අපේක්ෂකයා නම් කිරීමෙන් පසු ප්‍රථමයෙන්ම කැළණියේ ආශිර්වාද පිංකමකට එක්වෙයි

1598 Views


පොහොට්ටුවේ අපේක්ෂකයා නම් කිරීමෙන් පසු ප්‍රථමයෙන්ම කැළණියේ ආශිර්වාද පිංකමකට එක්වෙයි

අද පස්වරුවේ පැවැත්වෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සමුළුවෙන් අනතුරුව එහි නියෝජිතයින් කැළණිය රාජමහා විහාරස්ථානයේ පැවැත්වෙන ආශිර්වාද පිංකමකට එක්වන්නට නියමිත බව වාර්තා වෙනවා.

ඒ අනුව එම පිංකමට සහභාගී වීමට පෙර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අද පස්වරු 06.00 ට පමණ කැළණිය විද්‍යාලංකාර පිරිවෙන වෙත පැමිණ එහි වැඩවසන මහා සංඝරත්නයේ ආශිර්වාදය ද ලබා ගන්නා බවටද වාර්තා වෙනවා. එමෙන්ම හෙට දිනයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් සහ ජනපති අපේක්ෂකයා අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන විශේෂ ආශිර්වාද පිංකමකට ද එක්වීමට සුදානම් බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post