ඉදිරි ජනාධිපතිවරණයේදී පරාජය කිරීමට පහසුම පොදුජන පෙරමුණ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් රටම ඉල්ලා සිටින අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, උඩරට උරුමය සුරැකීමේ හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
” මේ අය ඇමරිකන් විරුද්ධ කිව්වත් රාජපක්ෂ පවුල පිටින්ම ඇමරිකන් පුරවැසියන් හා ග්‍රීන් කාඩ් කාරයන්. අසනිපයක් වුණු විට යන්නේ ඇමරිකාවට, දරුවන් ඉගෙන ගන්නෙ ඇමරිකාවේ, විනෝදවෙන්න යන්නෙත් ඇමරිකාවට. ජනපති අපේක්ෂකයන් යුද්ධය අවසන් කාලයේදි වසර 10 ක් රට ඇර ඇමරිකාවට ගිය බවත් පසුගිය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ පාලන සමයේදි එල් ටි ටි ඊ සංවිධානයේ කොදු නාරටිය බදු කරුණා අම්මාන් කඩා ගත් පසුව එල් ටි ටි ඊ සංවිධානය බිඳ වැටුණු බවද ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් කළත් එය එක්සත් ජාතික පක්ෂයට කිසිදු අභියෝගයක් නොවන බවත් ඉදිරි ජනාධිපතිවරණයේ දී පසුගිය වර්ෂයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බවද කිරිඇල්ල මහතා සදහන් කලා.