ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එකසත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිචාර දක්වා තිබේනවා.
ඒ අනුව එකසත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයාට පරාජය කිරීමට පහසුම ප‍්‍රතිවාදී අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව එජපෙ ප්‍රකාශ කරනවා. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බවයි.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ “කන්දක් විළි ලා මී පැටවෙකු වැදුවා සේ කියන එක තමයි අපිට කියන්න වෙන්නේ. මොකද ඒ අපේක්ෂකයාත් අලුත් නෑ. රාජපක්ෂ පාලන සමයේ ඒ පාලනයේ මුදුනේම හිටපු කෙනෙක්. මේ තනි පුද්ගලයෙකු මත විශ්වාසය තබන්නට අපේ රටේ ජනතාව තවදුරටත් සූදානම් විය නොවිය යුතු බවයි.