News Line| Off Air
Generic placeholder image

Aug
12

පක්‍ෂය වැඩක් නෑ – වැඩක් කරන කෙනෙක් නම් මම සහය දෙනවා – අර්ජුන කියයි

713 Views


පක්‍ෂය වැඩක් නෑ – වැඩක් කරන කෙනෙක් නම් මම සහය දෙනවා – අර්ජුන කියයි

ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහය හිමි වන්නේ වැඩක් කළ හැකි පුද්ගලයෙකුට බවත් තමා සහය දෙන්නේ කාටදැයි තවමත් තීරණය කර නොමැති බවත් ප‍්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා ඇමති අර්ජුන රණතුංග මහතා ප‍්‍රකාශ කළා.

මව්රට සංවිධානය ඉදිරිපත් කළ සබුද්ධි-සාහිත්‍ය කලා අධ්‍යයන කේන්ද‍්‍රයේ දෙවැනි වැඩසටහනට ඊයේ එක්වෙමින් එතුමා මේ බව පැවසුවා.

කුමන පක්ෂයක වුවත් පුද්ගලයාගේ වැඩ කිරීමේ හැකියාව මත ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට සහය දෙන්නේද නැද්ද යන්න තීරණය කරන බව ඔහු කියා සිටියා.

එජාප ය තමන්ට තනිව ගොස් ඡන්දය ඉල්ලන්න හැකියි කියා සිතුවද එය හීනයක් බවත් සන්ධානයක් එක්ක එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගියොත් ඔවුන්ට ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග‍්‍රහණය කළ හැකි බවත් අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post