ලබන 22 වනදා ඉන්දියාව සමගින් ආරම්භවෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා බටහිර ඉන්දීය කොදෙව් පිලට 26 හැවිරිදි රකීම් කොන්වෝල් කැදවා තිබෙනවා.
තවමත් ජාත්‍යයන්තර ටෙස්ට් වරම් ලබා නොමැති කොන්වෝල් මෙම තරගාවලියේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගතහොත් මෙතෙක් ඉතිහාසයේ ජාත්‍යයන්තර ටෙස්ට් තරගයක් සදහා සහභාගි වන බරින් වැඩිම කී‍්‍රඩකයා බවට ඔහු පත් වනු ඇති.
දකුණත් පිට දග පන්දු යවන්නෙක් වන කොන්වෝල් පළමු පෙළ තරග 55 කට සහභාගි වී කඩුලු 260 ක් බිද හෙලා තිබෙනවා.
එහිදී ඔහුගේ ඉනිමක හොදම පන්දු යැවීම වශයෙන් ලකුණු 108 කට කඩුලු 8 ක් දවාගැනීම සදහන් වනවා.
පිතිකරුවෙකු ලෙස නොදැවී ලකුණු 108 ක් ලබා ගැනීම ඔහුගේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගැනීම වශයෙන් සටහන් වනවා.