News Line| Off Air
Generic placeholder image

Aug
12

රිෂාඩ් බදියුදීන් ඉන්න ආණ්ඩුවක අපි නෑ – ගම්මන්පිල කියයි

647 Views


රිෂාඩ් බදියුදීන් ඉන්න ආණ්ඩුවක අපි නෑ – ගම්මන්පිල කියයි

ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පිහිටුවන ඉදිරි ආණ්ඩුවක් සඳහා කවුරුන් සම්බන්ධ කරගන්නේද, නොගන්නේද යන්න පිළිබඳ තීරණය පක්ෂ නායකයන් සතු වුවද රිෂාඩ් බදියුදීන් වැනි පුද්ගලයන් සිටින ආණ්ඩුවක තම පාර්ශ්වය නොසිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී අද (12දා) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එසේම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පාර්ශ්වයේ සහාය ලබාගන්නා අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයේදී සහාය ලබා නොදෙන බවද මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post