2021 වසරේ සිට ඇත්දළ සහ ඒ ආශ‍්‍රිත නිෂ්පාදන රට තුළ අලෙවි කිරිම තහනම් කිරීමට සිංගප්පුරු රජය තීරණය කර තිබෙනවා.
නීතිවිරෝධි වන ජීවි වෙළඳාම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් සිංගප්පූරු රජය සඳහන් කළේ.
වසර 02ක පමණ කාලයක සිට ඇත්දළ හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන අලෙවිකරුවන් රාජ්‍ය නොවන කණ්ඩායම් හා මහජනතාව අතර පැවති සාකච්ඡා වලින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.
ඇත් දළ හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන ජාත්‍යන්තර වශයෙන් අලෙවි කිරීම 1990 වසරේ සිට සිංගප්පුරු රජය විසින් තහනම් කර තිබුණා.