News Line| Off Air
Generic placeholder image

Aug
13

මහා සංඝරත්නයෙන් ජනපති අපේක්ෂක ගෝඨාභයට අනුශාසනා

590 Views


මහා සංඝරත්නයෙන්  ජනපති අපේක්ෂක  ගෝඨාභයට අනුශාසනා

පෞද්ගලික අභිමතාර්ථ නොව මාතෘ භූමිය පෙරටු කරගත් නායකත්වයක් රටට අවශ්‍ය බව මහා සංඝරත්නය පවසනවා.

රටේ අනාගත නායකත්වය අපේක්‍ෂා කරන ගෝඨාභය රාජපක්‍ෂ අපේ රට රැක ගැනීමට ප‍්‍රමුඛතාව දිය යුතුව ඇති බවට මහා සංඝරත්නය පවසනවා. පෞද්ගලික අභිමතාර්ථවලට නොව මාතෘ භූමිය ඉදිරියට ගෙන යෑම සදහා අවශ්‍ය නායකත්වයක් රටට අත්‍යවශ්‍ය බවයි ඊයේ (12) පස්වරුවේ රුවන්වැලි මහා සෑ මළුවේ පැවැත්වූ අධිෂ්ඨාන පූජාවේදී ප‍්‍රධාන අනුශාසනාව පැවැත්වූයේ පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ප්‍රකාශ කලේ.
ආශිර්වාද පූජාව මෙහෙය වූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ද මෙහිදී අනුශාසනාවක් සිදුකළ අතර උන්වහන්සේ සදහන් කලේ වසර 2500 ක ඉතිහාසයක් ඇති අපේ රට අද පවතින තත්වයෙන් ගොඩගැනීම සදහා අවශ්‍ය නායකත්වය ලැබෙවා කියාය.


News Articles
Latest Videos
Most Popular Post