2028 වසරේ පැවැත්වෙන ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා කි‍්‍රකට් කී‍්‍රඩාව ඇතුළත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිත බවද පැවසෙනවා. එම් සී සී ලෝක කී‍්‍රඩා කමිටුවේ සභාපති මයික් ගැටින් පවසන්නේ කී‍්‍රඩාවට ගෝලීය වේදිකාවක් ලබාදීම මෙමගින් අපේක්‍ෂා කරන බවත් ඒ තුලින් ගෝලීය වශයෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවට ලැබෙන දැවැන්ත අවස්ථාවක් ලැබෙන බවද ඒ මහතා සදහන් කළා.
2028 වසරේ ඔලිම්පික් කී‍්‍රඩා උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ අමෙරිකාවේ ලෝස්ඇන්ජලීස් නුවරයි. 1900 වසරෙන් පසු ඔලිම්පික් කී‍්‍රඩා උළෙලකට කි‍්‍රකට්, තරග ඉසව්වක් ලෙස මේ දක්වා එක් කර නැත. මේ වන විටත් 2022 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය කි‍්‍රඩා උළෙල සඳහා කාන්තා කි‍්‍රකට් ඇතුළත් කිරීමට දැනටමත් සැලසුම් කර තිබෙනවා.