News Line| Off Air
Generic placeholder image

Aug
13

‘ටිකිරි’ දළදා පෙරහරට සහභාගි කරවාගැනීම ගැන චෝදනා

1063 Views


‘ටිකිරි’ දළදා පෙරහරට සහභාගි කරවාගැනීම ගැන චෝදනා

70 හැවිරිදි ටිකිරි නමැති වයෝවෘධ ඇතින්න මහනුවර දළදා පෙරහරට යොදා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහක් මතුව තිබෙනවා.

ඊයේ දිනට යෙදී තිබූ ලෝක හස්තීන්ගේ දිනයේදී මෙම ඇතින්නියගේ වැහැරුණු සිරුර සහිත ජායාරූපයක් සෙන්ඩුයීන් චායිලට් නැමති තායිලන්ත සත්ව අවිහිංසාවාදී ක්‍රියාකාරිණියක් විසින් සමාජ මාධ්‍ය තුලට එක්කර තිබුණා.ඇය ආසියානු අලි ඇතුන්ගේ සංරක්ෂණය උදෙසා පිහිටුවා ඇති සේව් එලිෆන්ට් පදනමේ පුරෝගාමිනියයි.

සිය ෆේස්බුක් පිටුවේ ටිකිරිගේ ඡායාරූපයට සටහනක් යොදමින් ඇය කියා සිටියේ අඛණ්ඩව දින 10ක් රාත්‍රී කාලයේ දැඩි ශබ්දය, ගිනි කෙළි සහ දුමාරය හමුවේ ටිකිරිට කිලෝමීටර් ගණනාවක් පාද චාරිකාවේ නිරත වීම දුෂ්කර බවයි.

අලංකාර වස්ත්‍රාභරණවලින් සැරසූ පසු ඇගේ නෙත්වලින් ගලන කඳුළු කිසිවෙකුටත් නොපෙනෙනු ඇති බව ඇය කියා සිටි අතර මෙම ඇතින්න ඊයේ දිනයේ රන්දෝලි පෙරහර සඳහා යොදාගෙන තිබූ බවත් ඇය අසනීප තත්ත්වයකින් පසුවී ඇති බවත් මෙරට සත්ව ක්‍රියාකාරිණියක් වන ඉරාකි කොඩිතුවක්කු ද සදහන් කළා.

මෙම ඇතින්න වසර 55ක කාලයක් දළදා පෙරහරේ ගමන් කර ඇති බව සදහන්.

වයෝවෘධ ඇතින්නක් පෙරහරට යොදවා ගැනීම සම්බන්ධයෙන් සත්ව ක්‍රියාකාරී සංවිධාන නගන චෝදනාව පිළිබඳව මෙම ඇතින්න භාර ඉසංක අමල් තිලකරත්න කියා සිටියේ මීට වසර 7කට පෙර ඔහුගේ භාරයට ගෙන ඇති ඇතින්න මාස 06ක කාලයක් ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වූ රෝගී තත්ත්වයකින් පීඩා විදි බවයි.

එම කාලයේ ඇතින්න වෙනුවෙන් වූ භාරයක් ඔප්පු කිරීම සඳහා මෙවර දළදා පෙරහරට එක්කළ බව ඇතින්නගේ භාරකරු වන ඉසංක අමල් තිලකරත්න වැඩිදුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post