News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

ඉන්දීය පුහුණුකරු ධුරය සදහා තෝරාගත් අවසන් නම් 06 මෙන්න

32306 Views


ඉන්දීය පුහුණුකරු ධුරය සදහා තෝරාගත් අවසන් නම් 06 මෙන්න

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට තෝරාගත් අවසන් හය දෙනා නම් කර අවසන් බව එරටින් වාර්තා වෙනවා. එම ධුරය සදහා ඉන්දිය කණ්ඩායමේ වත්මන් පුහුණුකරු රවී ශාස්ත්‍රි ද සුදුසුකම් ලබා ඇති බව වාර්තා වෙනවා.

ඉන්දීය පුහුණුකරුවන් දෙදෙනෙකු වන ලාල්චන්ද් රාජ්පුත් හා රොබින් සින් මෙන්ම නවසීලන්ත හිටපු පුහුණුකරු මයික් හෙසන්ස්, ශ්‍රී ලංකා හිටපු පුහුණුකරු ටොම් මූඩි සහ ඇෆ්ගනිස්ථාන හිටපු පුහුණුකරු පිල් ජෝන්ස් මෙලෙස අවසන් හයදෙනා අතරට සුදුසුකම් ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.කපිල් දේව්ගේ සභාපතීත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් උපදේශක කමිටුව විසින් සිදුකල අතර අවසන් හයදෙනා අතරට තෝරාපත් කරගත් අතර මොවුන් ඉදිරි දිනකදී සුදුසුකම් පරික්ෂා කිරීම සදහා කැදවීමට නියමිත බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post