මෙරටට ආනයනය කරන ලද එස්. 14 වර්ගයේ බලවේග කට්ටල දුම්රිය ඉදිරියේදී උඩරට මාර්ගයේ ධාවනයට එක් කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.
චීනයෙන් ආනයනය කරන ලද අති නවීන වර්ගයේ එස්.14 බලවේග කට්ටල දුම්රිය අද දිනයේ කොළඹ වරාය වෙත රැගෙන ආ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කළා.
ඒ අනුව මෙම බලවේග කට්ටල දුම්රිය පරීක්ෂණ ධාවනයට යොමු කිරීමෙන් අනතුරුව උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සදහා යෙදවීමට නියමිතයි.
මෙම බලවේග කට්ටල දුම්රිය උඩරට මාර්ගයේ ධාවනයට විශේෂයෙන් සකස් කර ඇති බවත් එහි වටිනාකම රුපියල් මිලියන 1839 ක් පමණ වේ.