News Line| Off Air
Generic placeholder image

Aug
13

ප්‍රදේශ කිහිපයකට නායයාමේ අවදානම්

986 Views


ප්‍රදේශ කිහිපයකට නායයාමේ අවදානම්

නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයාම් පිළිබද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ ප‍්‍රදේශවලට ගත වූ පැය 24 තුළ අධික වර්ෂාවක් ලැබී ඇති බැවින් ඉදිරි කාල සීමාව තුළද වැසි ඇතිවුවහොත් නායයාම් ඇතිවිය හැකි බවත් නායයාමේ ලක්ෂණ පවතින්නේ නම් අදාළ ප‍්‍රදේශවලින් ඉවත් වන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ ද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ කළුතර දිස්ත‍්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් සියයට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

වයඹ පළාතේත්, කොළඹ, ගම්පහ, මාතර සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද ඉදිරි පැය 24 සදහා අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ සදහන්.


News Articles
Latest Videos
Most Popular Post