News Line| Off Air
Generic placeholder image

Aug
13

පාසල්වලට ඉංග්‍රීසි සන්නිවේදන දිනයක්

1106 Views


පාසල්වලට ඉංග්‍රීසි සන්නිවේදන දිනයක්

ගෝලීය අධ්‍යාපන ඉලක්ක ජයගත හැකි පරිදි මෙරට පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා ඉහළ නැංවීමට පියවර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ඒ අනුව, ජාතික අධ්‍යාපන ආයතනය මගින් ලබා දී ඇති විෂය මාලාව වඩාත් ඵලදායී ව භාවිත කරමින් ඉංග්‍රීසි භාෂාවට අදාළ ඉගෙනුම් සැලසුම් සකස්කර පන්ති කාමරයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරතවන ගුරුවරුන් සඳහා චක්‍රලේඛයක් සහ උපදෙස් සංග්‍රහයක් නිකුත් කිරීමට ද මේ වනවිට පියවර තිබෙනවා.

එම උපදෙස් සංග්‍රහය අනුව ඉදිරියේ දී සිසුන්ගේ සන්නිවේදන කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකිරීමට සතියකට එක් දිනක් සියලු පාසල්වල ඉංග්‍රීසි සන්නිවේදන දිනයක් ලෙස පැවැත්වීමට ද යෝජනා කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post