News Line| Off Air
Generic placeholder image

Aug
13

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන ශ්‍රීලනිප තීරණය ඉදිරි සතියේ

681 Views


ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන ශ්‍රීලනිප තීරණය ඉදිරි සතියේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය අනුව පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මන්ත්‍රීවරයා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිලිතුරු දෙමින් මහලේකම්වරයා මෙම අදහස් පල කළා.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉදිරි සතියේදී තීරණයක් ගනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා අද මහනුවරදී අදහස් දක්වමින් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post