News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
14

මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට විශේෂ දුම්රිය සේවා

1877 Views


මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට විශේෂ දුම්රිය සේවා

අද(14) මීගමුව දුම්රිය ස්ථානයේ සිට ධාවනය කරවීමට කටයුතු යොදා ඇති විශේෂ දුම්රිය, මඩු මාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.අද උදෑසන 07.30 ට මීගමුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රිය කුරණ, කටුනායක, සීදුව, ජා – ඇල, රාගම, ගම්පහ, වේයන්ගොඩ සහ කුරුණෑගල දුම්රිය ස්ථානවල නවත්වනු අතර එම දුම්රිය පස්වරු 03.00 ට පමණ මඩුපාර දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතයි.
ලබන 15 වනදා සවස 04.30 ට මඩුපාර දුම්රිය ස්ථානයෙන් පිටත්වන එම දුම්රිය මධ්‍යම රාත්‍රී 12.30 ට මීගමුව දුම්රිය ස්ථානයට ආපසු පැමිණීමට නියමිත බවද දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post