News Line| Off Air
Generic placeholder image

Aug
15

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

590 Views


ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. තරගයේ පළමු දිනය වු ඊයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර නවසීලන්ත ආරම්භක පිතිකරු සබඳතාව ලකුණු 64කට සිමා කිරීමට අකිල ධනංජය සමත් වුණා ඒ ලකුණු 30ක් රැස්කළ ටොම් ලේතම් දවා ගනිමින්ය. එමෙන්ම නායක විලියම්සන් හා ජීත් රාවල්ද , හෙන්රි නිකලස් , බී. ජේ වොට්ලින් ද දවා ගනිමින් නවසීලන්තයේ දැවී ගිය කඩුලු 05 ම අකිල ධනංජය දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ඊයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 203ක් රැස් කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post