ඉන්දියාවේ 73වන නිදහස් දිනය අදට යෙදී තිබෙන අතර ප්‍රධාන සැමරුම් උත්සවය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් නදිල්ලියේ පිහිටි රතු බලකොටුවේදී පැවැත්වුණා.
අගමැති මෝදි මහතා සිය දෙවන ධුර කාලයේ පළමුවන නිදහස් දින කතාව අද පවත් වූ අතර ඔහුගේ ප්‍රධානත්වයෙන් පවත්වන අඛණ්ඩ හය වන නිදහස් දිනය අදයි. එමෙන්ම මෙවර උත්සවය සඳහා පාසැල් දරුවන් වැඩි වශයෙන් සහභාගි කර ගැනීම විශේෂත්වයක්.