News Line| Off Air
Generic placeholder image

Aug
15

පන්දු යවන්නන්ට වැඩ වැරදි – ක්‍රිකට් පන්දුවත් ස්මාර්ට් වෙයි

36150 Views


පන්දු යවන්නන්ට වැඩ වැරදි – ක්‍රිකට් පන්දුවත් ස්මාර්ට් වෙයි

ඕස්ට්‍රේලියානු සමාගමක් මඟින් නිපදවන ලද විශේෂ මයික්‍රො චිපයක් සහිත ‘ස්මාර්ට් ක්‍රිකට් පන්දුවක් ’ එළිදැක් වූ අතර ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී මෙම පන්දුව පළමුවරට අත්හදා බැලීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව මෙම ස්මාර්ට් පන්දුව මඟින් එය යවන වේගය, පන්දු යවන්නා විසින් පන්දුව මුදාහල ස්ථානය, තණතිල්ල හැසිරෙන ආකාරය, පන්දුව තණතිල්ල මත පතිතවීමට පෙර වේගය, පන්දුව තණතිල්ල මත පතිතවීමෙන් පසු වේගය, පන්දුවේ දෝලනය සහ පන්දුවේ ගමන් මාර්ගය සම්බන්ධයෙන් ක්‍ෂණිකව නිවැරැදි වාර්තා ලබාගැනීමේ හැකියාව ඇති අතර මේ වනවිට භාවිත වන ක්‍රමවේදයට වඩා නිවැරදි දත්ත මෙම ස්මාර්ට් පන්දුවෙන් ලබාගත හැකි බවද එහි නිෂ්පාදක සමාගම පවසනවා.එමෙන්ම වර්තමාන දඟ පන්දු යවන්නන්ගේ විප්ලවීය වෙනස්කම් ද මෙම පන්දුව මඟින් හදුනා ගැනීමට ද මෙම පන්දුවට හැකියාව තිබෙනවා.
එමෙන්ම තවදුරටත් විනිසුරු තීරණ කොතරම් දුරට නිවැරදිද යන්නත් මෙම ස්මාර්ට් පන්දුව මගින් ලබා ගන්නා වාර්තා ඉවහල් වන බවද වැඩි දුරටත් සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post