2017 වර්ෂයේ පළාත් පාලන (සංශෝධන) පනත සම්මත කිරීමට පෙර පැවති මැතිවරණ නීතිය එනම් සමානුපාතික ජන්ද ක්‍රමය අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පවතීද නැද්ද යන්න පිළිබද ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කර ඇති යොමු කිරීම විභාග කිරීමට අගවිනිසුරුවරයා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර ඇති බව සදහන්.
ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති යොමු කිරීම අගොස්තු මස 23 දා විභාග කිරීමට නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති යොමු කිරීම සම්බන්ධයෙන් තම සමාජිකයන් දැනුවත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාගෙන් ඉල්ලා ඇති බව සදහන්.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ මෙම යොමු කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම අගොස්තු මස 23 දා සිදු කරන බැවින් එදිනට නීතිඥවරුන්ට වාචික දේශන ඉදිරිපත් කළ හැකි බවද දන්වන ලෙසට රෙජිස්ට‍්‍රාර්වරයා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර මේ සම්බන්ධයෙන් ලිඛිත දේශන අගොස්තු මස 21 ට පෙර ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට රෙජිස්ට‍්‍රාර්වරයා දැනුම් දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය අගොස්තු මස 30 දාට පෙර ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතයි.