News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

ලබන සෙනසුරාදා සියල්ල දැනගන්න

875 Views


ලබන සෙනසුරාදා සියල්ල දැනගන්න

එක්සත් ජාතිත පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක් එක්ව ගොඩනගන සන්ධානයේ ගිවිසුම අත්සන් කරන දිනයේදීම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව එම පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම මහතා ප්‍රකාශ කළා.

මහාමාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ අද(15) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් හා එක්සක් ජාතික පක්ෂයේ නායකයින් කිහිපදෙනෙකු එක්ව ලබන සෙනසුරාදා පැවැත් වෙන රැස්වීමෙන් අනතුරුව අපේක්ෂකයා නම් කිරීම හා සන්ධාන ගතවීමේ දිනය නම් කරන බව අමාත්‍යවරයා එහෙදී සදහන් කළා.

‍එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතව ඇති බවත් එම සම්මේලනයට පෙර ජනාධිපති අපේක්ෂයා නම් කරන බවත් අමාත්‍ය කබීර් හෂීම මහතා වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post