News Line| Off Air
Generic placeholder image

Aug
15

සහරාන් සමග අවි පුහුණුව ලැබූ තිදෙනකු අත්අඩංගුවට

1524 Views


සහරාන් සමග අවි පුහුණුව ලැබූ තිදෙනකු අත්අඩංගුවට

මෙරට තහනම් සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඊබ‍්‍රාහීම් සංවිධානයේ ක‍්‍රියාකාරීන් තුන්දෙනෙකු අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ රාජ්‍ය බුද්ධි සේවයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් සහරාන් හෂීම් සමග පුහුණුව ලබා ඇති බවට අණාවරණය වී තිබෙනවා.

ඉන් දෙදෙනෙකු පුහුණුව ලබා ඇතතේ සහරාන් හෂීම් නුවරඑළියේ පැවැත්වු පුහුණු කදවුරකදීයි.

අනෙක් සැකකරු හම්බන්තොට දී පුහුණුව ලබා තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාවනැල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන්.

රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත ජමාතේ මිල්ලතේ ඊබ‍්‍රාහීම් සංවිධානයේ ක‍්‍රියාකාරීන් 5 දෙනෙකු මීට පෙරද අම්පාර ප‍්‍රදේශයේ දීම අත්අඩංගුවට ගනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post