News Line| Off Air
Generic placeholder image

Aug
15

ඇසළ මහ පෙරහැර මංගල්‍ය සාර්ථකව අවසන් කළ බවට සංදේශය ජනපති අතට

836 Views


ඇසළ මහ පෙරහැර මංගල්‍ය සාර්ථකව අවසන් කළ බවට සංදේශය ජනපති අතට

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උත්තරීතර පූජනීයත්වයට පාත්‍ර වූ ශ්‍රී ලංකා රාජ්‍යත්වයේ මුදුන් මල්කඩ ලෙස සලකන මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා නොකඩවා පවත්වන වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍ය පෞරාණික චාරිත්‍රවලට ගරුකරමින් මෙවර ද සාර්ථකව පවත්වා අවසන් කළ බවට සංදේශය, සාම්ප්‍රදායානුකූලව දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මහතා විසින් අද (15) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබුවා.

පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුළු සතර මහ දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන්ව ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිතුමා විසින් පිළිගැනුනා.

අනතුරුව දියවඩන නිලමේවරයා විසින් සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර පෙරහැරට සහභාගී වූ කලාශිල්පීන් වෙත සාම්ප්‍රදායානුකූලව තිළිණ හා සම්මාන පිළිගැන්වීමද එහිදී සිදුවුණා.

ජයන්ති සිරිසේන මැතිණිය ද, ආණ්ඩුකාරවරුන් වන සරත් ඒකනායක, රජිත කීර්ති තෙන්නකෝන්, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

ඡායාරූප පහතින්


News Articles
Latest Videos
Most Popular Post