News Line| Off Air
Generic placeholder image

Aug
16

බෞද්ධ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අරඹමින් අමරපුර සහ රාමඤ්ඤ නිකායන් සමගි සම්මුතියකට අද පිවිසෙයි

1006 Views


බෞද්ධ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අරඹමින් අමරපුර සහ රාමඤ්ඤ නිකායන් සමගි සම්මුතියකට අද පිවිසෙයි

බෞද්ධ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සනිටුවන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝ නිකායන් 02 ක් වන ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අද සමගි සම්මුතියකට එලඹෙනවා.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය වෙනුවෙන් එහි උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් එහි මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් ද මීට අදාළ ව්‍යවස්ථාවට අත්සන් තැබිමට නියමිතව තිබෙන අතර මෙම නව සමගි සම්මුතියේ අරමුණු පිළිබඳ පැහැදිළි කරමින් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මාදම්පාගම අස්සජි හිමියන් ප්‍රකාශ කලේ මෙම සමගි සම්මුතිය නිසා පෙරට වඩා ශාසනික මෙහෙවර වඩා ශක්තිමත්ව සිදු කිරීමට හැකි බවයි.ඒ අනුව ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අතර මෙම නව සමගි සම්මුතියට අත්සන් තැබීම අද දහවල් 02.30ට කොළඹ පදනම් ආයතනයේදී සිදුවීමට නියමිත බව වාර්තා වෙනවා.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරන්නේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මෙලෙස සමගි සම්මුතියට එළඹීම සමස්ත සමාජය තුළ සාමය හා සංහිඳියාව ඇති කිරීමට උපකාර වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post