News Line| Off Air
Generic placeholder image

Aug
16

හබරණ-දඹුල්ල මාර්ගයේ මාරක රිය අනතුරක් – 3ක් මරුට

1338 Views


හබරණ-දඹුල්ල මාර්ගයේ මාරක රිය අනතුරක් –  3ක් මරුට

හබරණ – දඹුල්ල මාර්ගයේ කුඩාමීගස්වැව ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ වෑන් රථයක් ඊයේ රාත්‍රී 10ට පමන අනතුරට ලක් වීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි හබරණ පොලීසිය සඳහන් කරනවා.

ඒ අනුව මෙසේ මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනා බවත් එයින් වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර එහි සිටි තවත් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම කාන්තාව මහනුවර මහ රෝහලට මාරු කර යැවූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන දෙකේ රියදුරන්ගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම මාරක රිය අනතුර සිදුව ඇති බවට පොලිසිය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post