News Line| Off Air
Generic placeholder image

Aug
16

පාකිස්ථානය ඉන්දීය නළු නිලියන් සහ නිරූපණ ශිල්පින් ඇතුලත් සියලුම වෙළද දැන්වීම් හා චිත්‍රපට තහනම් කරයි

661 Views


පාකිස්ථානය ඉන්දීය නළු නිලියන් සහ නිරූපණ ශිල්පින් ඇතුලත් සියලුම වෙළද දැන්වීම් හා චිත්‍රපට තහනම් කරයි

අර්බුධයකට තුඩු දී තිබෙන ඉන්දු පාකිස්ථාන සම්බන්ධතාවය උග්‍ර කරමින් ඊයේ දිනයේදී ද කාශ්මීර දේශ සීමාවේදී ඇතිවූ වෙඩි හුවමාරුවකින් ඉන්දීය සෙබළුන් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ බව පාකිස්ථාන යුධ හමුදාව නිවේදනය කර සිටි අතර එමෙන්ම දේශ සීමාව ආශ්‍රිතව මේ වන විට දිගින් දිගටම ඉන්දීය හමුදාව සහ පාකිස්ථාන සෙබළුන් අතර වෙඩි හුවමාරුවීම් සිදුවන බවටද වාර්තා වෙනවා.

පසුගිය සතියේදී ඉන්දියාව විසින් කාශ්මීරයට ලබාදී තිබු ව්‍යවස්ථාමය විශේෂ වරප්‍රසාධ ඉවත් කිරීමට ගනු ලැබූ තීරණයත් සමග ඉන්දු-පකිස්ථාන අර්බුධය නව මානයකට එළැඹ තිබෙන අතර පාකිස්ථානය විසින් මේ වන විට ඉන්දීය නළු නිලියන් සහ නිරූපණ ශිල්පින් ඇතුලත් සියලුම වෙළද දැන්වීම් සහ චිත්‍රපට විකාශනය අත්හිටුවීමට ඊයේ සිට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කිසිදු පාකිස්ථාන මාධ්‍ය ආයතනයක හෝ අන්තර්ජාල සේවා පහසුකම් සපයන්නන් විසින් ඉන්දීය නළු නිලියන් හෝ නිරූපණ ශිල්පීන් සිටින වෙළද දැන්වීම්, චිත්‍රපට සහ නාට්‍ය විකාශනය අත්හිටුවීම සිදුකළ යුතු බවට එරට මාධ්‍ය ආයතනවලට වාර්තා වී තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post