News Line| Off Air
Generic placeholder image

Aug
16

පහසුවෙන් ඉංග්‍රීසි භාෂාව ඉගනගන්න උපකාරී වන වෙබ් අඩවි 8ක්

3187 Views


පහසුවෙන් ඉංග්‍රීසි භාෂාව ඉගනගන්න උපකාරී වන වෙබ් අඩවි 8ක්

ඉංග්‍රීසි භාෂාව කියන්නේ අපට ඉතාම ප්‍රයෝජනවත් සහ අද කාලයේ නැතුවම බැරි දෙයක්. අන්තර්ජාලයේ ඇති ලක්ෂ ගණනක් වූ වෙබ් අඩවි අතරින් ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතාව වැඩි දියුණු කරගැනීමට උපකාර කිරීම වෙනුවෙන්ම සැකසී ඇති වෙබ් අඩවි කිහිපයක් ගැන තොරතුරුයි ඔබට මෙයින් හදුන්වාදෙන්න. මේවා භාවිතා කර ඔබත් ඉංග්‍රීසි භාෂාව දියුණු කරගන්න.

MyEnglishTeacher.eu

මෙම වෙබ් අඩවියෙන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට කළ යුතු ඉතාම ලෙහෙසි tip, සරල භාෂාවෙන් ඇති module ආදිය ලබා ගත හැකියි.

 

PhraseMix

මෙම වෙබ් අඩවිය ඉතා සරලව, ආකර්ෂණීයව සහ පරිශීලනය කිරීමට පහසු වෙන ආකාරයෙන් සැකසී තිබෙනවා. ඉංග්‍රීසි වාක්‍ය තනන හැටි ඉගෙන ගන්නට මේ වෙබ් අඩවිය ඉතා වැදගත්.

 

About.com

මූලිකම ඉංග්‍රීසි දැනුමේ සිට සංකීර්ණ මට්ටම් දක්වා යන්නට මෙහි පහසුකම් තියෙනවා. Module වගේම වීඩියෝත් මෙහි අඩංගුයි. ඉංග්‍රීසි භාෂාව දෙවන භාෂාවක් ලෙස ඉගෙන ගන්නා අය වෙනුවෙන්මයි මෙය සැකසී ඇත්තේ.

 

Voice of America

ඇමරිකානු ඉංග්‍රීසි ඉගෙන ගන්නා අයට මෙය වටිනා වෙබ් අඩවියක්.

 

English Central

මෙහි බොහෝ පාඩම් ඉදිරිපත් කර ඇත්තේ කෙටි වීඩියෝ දෙබස් ආකාරයෙන්. ඉංග්‍රීසි කතා කරන ආකාරය ඉගෙන ගන්නට, උච්චාරණ විධි ඉගෙන ගන්නට එය ඉතාම පහසුවක් වනු ඇති.

 

Holmwoods

කියවීමට හා සවන්දීමට හැකි ආකාරයෙන් පාඩම් ඉදිරිපත් කර තිබීම මෙම වෙබ් අඩවියේ සුවිශේෂ ලක්ෂණයක්.

 

News In Levels

එදිනෙදා පුවත් කියවීමත් ඉංග්‍රීසි භාෂාව වැඩි දියුණු කරගත හැකි හොඳම ක්‍රමයක්. මේ වෙබ් අඩවිය ඒ සඳහා ඔබට උපකාර කරනු ඇති. සරල බසින් ලොව පුරාම නවතම පුවත් මෙම වෙබ් අඩවියෙන් ඔබ වෙත ඉදිරිපත් කරනවා. ඔබේ වචන කෝෂය (vocabulary) වැඩි දියුණු කරගැනීමටත් මෙය උපකාරී වේවි.

 

How do you do?

මෙය ඉතා සරලව සැකසී ඇති වෙබ් අඩවියක්. ඉංග්‍රීසි බස කතා නොකරන රටවල පරිශීලකයන් සමඟ අදහස් හුවමාරු කරගනීමට මෙම වෙබ් අඩවිය ඔබට පහසුකම් සලසනවා.

 

උපුටා ගැනීම – මුහුණු පොතෙන්


News Articles
Latest Videos
Most Popular Post