නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව වෙත ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු, එරටින් පිටුවහල් කර, විශේෂ ගුවන් යානයකින් අද(16) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.
මොවුන් සියලු දෙනා පිරිමි පුද්ගලයින් වන අතර, ඔවුන් හලාවත ප්‍රදේශයෙන්, බහු දින ධීවර යාත්‍රා මඟින් ඕස්ට්‍රේලියාව වෙත ගොස් ඇති බව සදහන්.
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අද උදෑසන 6.30 ට පමණ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි බී.එච්.වී.සී.අයි.(BHVCI) නැමැති විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත, එරට ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසකගේ රැකවරණය යටතේ එවා තිබුනා.
මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගැනීමෙන් පසුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.