හිඟුරක්ගොඩ – රජඇල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ලෙස ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමේ ස්ථානයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොළොන්නරුව – කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ පස්වරුවේ සිදුකළ මෙම වැටලීමේදී රාජ්‍ය සහ පුද්ගලික ආයතනවලට අයත් ව්‍යාජ නිළ මුද්‍රා 86ක්, පරිගණක යන්ත්‍රයක් සහ මුද්‍රණ යන්ත්‍ර දෙකක් මෙන්ම ව්‍යාජ ලිපි ලේඛන රැසක් ද එහි තිබී පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
හිඟුරක්ගොඩ ප්‍රදේශයේම පදිංචි 51 හැවිරිදි මෙම සැකකරු විසින් පොලිස් සහතික, අධ්‍යාපන සහතික, විවාහ සහතික, අධිකරණ ලේඛන, දැව බලපත්‍ර, ඉඩම් ඔප්පුවලට අදාළ ලිපි ලේඛන, වෛද්‍ය සහතික, විභාග සහතික සහ ග්‍රාම සේවා සහතික පවා ව්‍යාජ ලෙස සකස් කරන බව පොලීසියට අනාවරණ වී තිබෙනවා.