ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වන කොල්කටා නයිට් රයිඩස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම්ව පත් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ කොල්කටා කණ්ඩායමේ හිටපු පුහුණුකරු ජැක් කලිස් වෙනුවටයි.
පසුගිය දිනයකදී මැකලම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කල අතර ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට මැකලම් ක්‍රීඩකයෙක් ලෙස සහභාගී නොවෙයි. ඒ හේතුවෙන් මැකලම්ව කොල්කටා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්කිරීමට කොල්කටා කණ්ඩායමේ කළමණාකාරිත්වය තීරණය කර තිබෙන බව එරටින් වාර්තා වෙනවා.