මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන සිය අපේක්ෂකයා මේවනවිට තෝරා ගෙන අවසන් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ඒ අනුව ජාතික ජන බලවේගය නමින් පිහිටුවන නව සන්ධානය යටතේ මෙම අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කළා.
ජාතික ජන බලවේගය යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන සිය අපේක්ෂකයා ලබන 18 වෙනිදා රටට අනාවරණ කරන බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා. ජවිපෙ ඇතුළු නව සන්ධානයේ පළමු ජන රැලිය මේ මස 18 වෙනිදා කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වීමට නියමිත බව පැවසෙනවා.