News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
16

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1 ක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

1817 Views


අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1 ක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

තලෙයිමන්නාරම ඌරුමලේ ප්‍රදේශයේ අද අලුයම සිදු කෙරුණු වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනුනා. නාවික හමුදාව විසින් මෙහෙයුම සිදු කළ අතර මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය වෙරළ ප්‍රදේශයක සගවා තිබී සොයගෙන තිබෙනවා.

මෙම වසර තුලදී පමණක් මෙරටට රැගෙන ඒමට උත්සහ කිරීමේදී සහ රට තුල තිබූ තහනම් මත්ද්‍රව්‍ය වන හෙරොයින් කිලෝග්‍රෑම් 452, කේරළ ගංජා කිලෝග්‍රෑම් 2397 ක්, දේශිය ගංජා කිලෝග්‍රෑම් 03 ක්, බීඩි කොළ කිලෝග්‍රෑම් 29009 ක්, මදන මෝදක පැකට් 6800 ක්, මත් වීම සඳහා යොදා ගත් වේදනා නාශක ඖෂධ කරල් සහ පෙති 802 ක්, නීති විරෝධී දුම්වැටි 8140 ක් සහ හෂිස් කිලෝග්‍රෑම් 01 ක් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත්වූ බව නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post