ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ප‍්‍රබලයකු වන නවුෆර් මවුලවි නැමැත්තාගේ පුත‍්‍රයා අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් මත වැටලීම සිදුකළ බවයි.
මොහොමඩ් නවුෆර් අබ්දුල්ලා නැමති සැකකරු 16 හැවිරිදි අයෙක්.
ඔහු සහරාන් හෂීම් සමග නුවරඑළිය ප‍්‍රදේශයේදී පුහුණව ලබා තිබෙනවා.
මීට පෙර අත්අඩංගුවට ගත් නවුෆර් මවුලවි නැමැත්තා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවා ප‍්‍රශ්න කරන බවයි පොලිසිය සදහන් කළේ.
මෙරට තහනම් සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඊබ‍්‍රාහීම් සංවිධානයේ ක‍්‍රියාකාරීන් 12 දෙනෙකුද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.