News Line| Off Air
Generic placeholder image

Aug
16

ජාතික ආරක්ෂාවට අපහාස වන ප්‍රකාශ කරන්න එපා – ජනපතිගෙන් ඉල්ලීමක්

560 Views


ජාතික ආරක්ෂාවට අපහාස වන ප්‍රකාශ කරන්න එපා – ජනපතිගෙන් ඉල්ලීමක්

ජාතික ආරක්ෂාවට අපහාස වන ප්‍රකාශවලින් වළකින ලෙස ජනපති සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව රටේ ජාතික ආරක්ෂාවට නුසුදුසු සහ අපහාස සිදුවන ප්‍රකාශවලින් වළකින ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලන බව ජනාධිපතිතුමා වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා රෙජිමේන්තුව වෙත ජනාධිපති සහ රෙජිමේන්තු වර්ණ ප්‍රදානය සංකේතවත් කරමින් රණ පරශුව සහ රෙජිමේන්තු පරශුව සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය අමතමින්ය. පටු දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් මාතෘ භූමියේ සහ ජාතියේ අනාගතයට හානිවන ආකාරයේ ප්‍රකාශ කිසිවෙකු සිදු නොකළ යුතු බවට ජනපතිතුමා අවධාරණය කරනවා.


News Articles
Latest Videos
Most Popular Post