මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් වව්නියාව දිස්ත්‍රික්කයට ඊයේ (16) සවස හා අද (17) වර්ෂාව පතිත වී තිබෙනවා.
එම ප්‍රදේශයට මාස ගණනාවක් පැවති නියඟය හේතුවෙන් ප්‍රදේශයේ වගාවන් රැසක් හානියට පත්ව ඇති අතර, ප්‍රදේශවාසීන්ට බීමට පවා ජලය සොයා ගැනීමට අපහසු තත්ත්වයක් පැවතුණා.
නියඟය හමාර කරමින් හටගත් වර්ෂාව තමන්ට මහත් අස්වැසිල්ලක් වන බව ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කළා.