News Line| Off Air
Generic placeholder image

Aug
17

පාකිස්ථානයේ මුස්ලිම් පල්ලියක ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් නායකගේ සහෝදරයා ජීවිතක්ෂයට

438 Views


පාකිස්ථානයේ මුස්ලිම් පල්ලියක ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් නායකගේ සහෝදරයා ජීවිතක්ෂයට

නිරිතදිග පාකිස්ථානයේ මුස්ලිම් පල්ලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් නායක හයිබාතුල්ලා අකුන්සාඩාගේ සහෝදරයා මියගොස් තිබෙනවා.

කුව්ලැක් නගරයේ පිහිටා ඇති කයිර් උල් මදාරයිස් පල්ලියේ සිදු වූ එම පිපිරිමෙන් හෆීස් අහමදුල්ලා නමැති ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් නායකයාගේ සහෝදරයා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

බෝම්බ පිපිරිමෙන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති අතර ප්‍රහාරයට ලක්වූ පල්ලිය තලෙයිබාන් සාමාජිකයින් බහුතරයක් හමුවිමට සහ සාකච්ඡා කිරිම සදහා භාවිතා කරනු ලබන පල්ලියක් බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post