News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
17

සිංහයින්ට ලකුණු 268 ක අභියෝගයක්

754 Views


සිංහයින්ට ලකුණු 268 ක අභියෝගයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වන දිනය අදයි.

මීට මොහොතකට පෙර සිය දෙවන ඉනිම කී‍්‍රඩා කළ නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 285 ක් ලබාගත්තා.

බී ජේ වොට්ලින් ලකුණු 77 ක් රැස් කළා. ටොම් ලැතම් ලකුණු 45 යි.

නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස් කළේ ලකුණු 249 ක් පමණයි. ශී‍්‍ර ලංකා පිළ පළමු ඉනිමේදී ලකුණු 267 ක් රැස් කළ අතර ජයග්‍රහණය සඳහා ශී‍්‍ර ලංකාව ලකුණු 268ක් ලබා ගත යුතුයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ආක්‍රමණශීලී ලෙස පන්දු පිටිය සැකසීමට මැලි වූ අතර ඉන් ප්‍රයෝජන ගත් නවසීලන්ත අවසන් පෙළ පිතිකරුවන් අවසන් කඩුලු හතරට ලකුණු 159ක් ලබා ගැනීම විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post