ජනාධිපතිවරණය වෙනුවෙන් නිර්මාණය කෙරෙන නව සන්ධානය පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීම සඳහා ආරම්භ වූ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයින්ගේ රැස්වීම මේ වන විට අවසන් වී තිබෙනවා.
අමාත්‍ය රාජිත සේනාරත්නගේ නිවසේ පැවති මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, උප නායක අමාත්‍ය රවී කරුණානායක එක්වූ බව සඳහන්.
එමෙන්ම ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍ය රාජිත සේනාරත්න ද ඊට එක්ව තිබෙනවා.
කෙසේ වෙතත්, සාකච්ඡා අවසන් වීමෙන් පසු පිටතට පැමිණි පක්ෂ නායකයින් සහ අමාත්‍යවරුන් මාධ්‍යයට කිසිවක් ප්‍රකාශ නොකර පිටව යාම විශේෂත්වයක් වනවා.