මෙවර ජනාධිපතිවරණයට තමන් නියත වශයෙන්ම ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සැමට සෙවණ ව්‍යාපෘතිය යටතේ දියත් කෙරුණු තවත් වැඩසටහනකට ඊයේ එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ව්‍යාපෘතිය යටතේ දියත් වන ජංගම සේවය හරහා හම්බන්තොට, අම්බලන්තොට ප්‍රදේශයේ ජනතාවට රුපියල් ලක්ෂ 2130 ක ප්‍රතිලාභ ප්‍රදානය කිරීම නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්තාට ප්‍රදේශයේදී සිදු කෙරුණා.