News Line| Off Air| Games
Generic placeholder image

Aug
18

ජවිපෙ ජනපති අපේක්ෂකයා නම් කිරීම අද පස්වරුවේ

396 Views


ජවිපෙ ජනපති අපේක්ෂකයා නම් කිරීම අද පස්වරුවේ

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමේ ජාතික ජන බලවේගය රැළිය අද පස්වරුවේ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ තම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ වසර 20 කට පමණ පසුව වීම විශේෂත්වයක්.

2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාටත්, 2010 වසරේ සරත් ෆොන්සේකා මහතාටත්, 2015 වසරේ මෛත්‍රිපාල සිරිසේන මහතාටත් ජනතා විමුක්ති පෙරමුණේ සහය හිමි වුණු අතර මෙවර ජනතා විමුක්ති පෙරමුණ ජන බලවේගය යටතේ ජනපති අපේක්ෂකයෙක් නම් කිරීමට සුදානමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post