News Line| Off Air
Generic placeholder image

Aug
19

අභ්‍යන්තර ඡන්ද විමසීමකින් අපේක්ෂකයා තෝරාගන්නා ලෙසට අගමැතිට යෝජනාවක්

1663 Views


අභ්‍යන්තර ඡන්ද විමසීමකින් අපේක්ෂකයා තෝරාගන්නා ලෙසට අගමැතිට යෝජනාවක්

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ඡන්ද විමසීමකින් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරාගන්නා ලෙස ඉල්ලමින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිත යෝජනාවක් අද (19) පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබෙනවා.

එමෙන්ම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවකින් මෙම ගැටලුව විසඳාගන්නා ලෙස තවත් මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනා කර ඇති බව සදහන්.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේත් ඒකාබද්ධ රැස්වීමක් කැඳවා ඡන්ද විමසීමකින් ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරාගන්නා ලෙස ඉල්ලමින් පක්ෂයේ මන්ත්‍රීවරුන් 55 දෙනෙකුගේ අත්සන් සහිත මෙම යෝජනාව අද පෙරවරුවේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබෙනවා.

ඒ පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් සහ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් විසින්.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී රැස්වුණා.


News Articles
Latest Videos
Most Popular Post