News Line| Off Air
Generic placeholder image

Aug
19

ජනපතිවරණය හා පළාත් සභා ඡන්ද විමසීම එකම දිනක නෑ

1408 Views


ජනපතිවරණය හා පළාත් සභා ඡන්ද විමසීම එකම දිනක නෑ

ජනාධිපතිවරණය සහ පළාත් සභා ඡන්ද විමසීම එකම දිනයක පැවැත්වීම ප්‍රා‍යෝගික නොවන බව කැෆේ සංවිධානය පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙම මැතිවරණ දෙක එකම දිනයක පැවැත්වීම ප්‍රායෝගික නොවන බැවින් කිසිදු අයුරකින් ජනාධිපතිවරණය සහ පළාත් සභා මැතිවරණය එකම දිනයක නොපවත්වන බවට නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

ඒ දින කිහිපයකට ඉහතදී මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර පැවති සාකච්ඡාවේදීයි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ජාතික දේශපාලනය කෙරෙහි දක්වන උනන්දුව පළාත් දේශපාලනය කෙරෙහි නොදැක්වීම බරපතළ තත්ත්වයක් බව එම සංවිධානය පවසනවා.

ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට පළාත් සභා මැතිවරණය නියමිත කාලයේ දී පැවැත් වීමට කිසිදු උනන්දුවක් නොතිබූ බව පෙන්වා දුන් කැෆේ සංවිධානය පවසන්නේ ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සාධනීය කරුණක් බවයි.


News Articles
Latest Videos
Most Popular Post