මාතෘ භූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ විශිෂ්ට ශ‍්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන 2019 ජාතික සම්මාන උළෙල ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. උත්සවය පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදීයි . රට වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නිරත වූ ශ‍්‍රී ලාංකික පුරවැසියන් 70 දෙනෙකු මෙහි දී ජනාධිපතිතුමා අතින් සම්මාන ලබා ගත් අතර ශ‍්‍රී ලාංකික සහ පොදුවේ මානව වර්ගයා උදෙසා සිදුකරන ලද විශිෂ්ට සේවය වෙනුවෙන් ශ‍්‍රී ලාංකික පුරවැසියන් නොවන පුද්ගලයන් සදහා ප‍්‍රදානය කෙරෙන ශ‍්‍රී ලංකා රත්න සම්මානයෙන්ජපන් ජාතික යසුෂි අකාෂි මහතා පිදුම් ලැබුවා.
එමෙන්ම ජාතිය උදෙසා කරන ලද අතිවිශිෂ්ට වූත් ප‍්‍රශංසනීය වූත් සේවයට උපහාර වශයෙන් දේශමාන්‍ය සම්මාන 06ක් ද මෙහිදී පිරිනැමුණා.එම සම්මාන හිමිවුණේ අජිත ද සොයිසා / ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි / මෙරිල් ජොශප් ප‍්‍රනාන්දු/ මොරගොඩගේ කි‍්‍රස්ටෝපර් වෝල්ටර් පින්ටෝ යන පිරිසටයි