කන්ජිපානි ඉම්රාන් සමඟ සම්බන්ධතා ඇති බවට චෝදනා එල්ල වූ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරු තුන් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.එම නිලධාරින් යාපනය මුලතිව් හා මන්නාරම යන පොලිස් ස්ථාන වෙත මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. රැඳවුම් නියෝග මත සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කංජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාස
නිලධාරීන් සමඟ එක්ව උපන්දිනය සැමරූ බවට එම නිලධාරින් වෙත චෝදනා එල්ලවී තිබුණා.
එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය ආරම්භ කර ඇති විමර්ශනය බාධාවකින්තොරව සිදුකිරීම සඳහා චෝදනා එල්ල වී ඇති උප පොලිස් පරීක්ෂකවරුන් තුන් දෙනා ස්ථානමාරු කර තිබෙනවා. පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණක‍්‍රියාත්මක වන බව වාර්තා වෙනවා.